Posts

කවිකාර සිත

Image
 කවිකාර සිත පුරා කවිකම් රැදෙනා සැටි තව සිතක් සනසන්න පද ගැලපෙනා සැටි කවිකාර සිත කොහේ පාවෙලා ගිහින් දෝ නෙත් පියා ගත් සැනින් නිදි දෙව්ඳු නොඑන්නේ නුඹ නිසයි අඳුරු රැය පුරාවට සැමතැනම සැරිසරා ඉක්මනින් පැමිණෙන්න මගේ හිතට කවියක්ව වී

"මළඟිය ඇත්තෝ නවකතාවෙහි අන්තර්ගත ප්‍රේම වෘතාන්තය සුවිශේෂීත්වයට පත් ව ඇත්තේ එහිලා නිරූපිත සංස්කෘතික ගැටුම නිසාවෙනි

Image
      මළඟිය ඇත්තෝ නවකතාවෙහි අන්තර්ත වන්නේ දෙවෙන්දොරා සං නැමැති ලාංකීය චිත්‍ර ශිල්පියා ජපානයට ගොස් නොරිකො සං නැමැති ජපන් යුවතිය සමඟ පෙමින් වෙලී ගොඩ නැඟෙන ප්‍රේම වෘත්තාන්තයයි.දෙවොන්දොරා සංගේ ආදරයට බඳුන් වන නොරිකො සං ජපාන සංස්කෘතියෙහි කැඩපතකි.දෙවෙන්දොරා සං විටෙක ඇයව දකින්නේ ජපාන සමාජයේ සිතුම් පැතුම් නැමැති නූල් පොටවලින් ගෙතුණු ගෙත්තමක් ලෙසයි.එබැවින් මළඟිය ඇත්තෝ නවකතාවේ අන්තර්ගත ප්‍රේම වෘතාන්තය සුවිශේෂත්වයට පත්ව ඇත්තේ ඔවුන් දෙදෙනා අතර ගොඩනැඟෙන සංස්කෘතික ගැටුම  නිසාවෙනි.                       කන බොන ආහාර පාන යනු කිසියම් සංස්කෘතියක අනන්‍යතාව විදහා දැක්වෙන වැදගත් සාධකයකි.මළඟිය ඇත්තෝ නවකතාව ආරම්භයේදීම දෙවෙන්දොරා සං නොරිකො සං අතර ආහාර පාන සම්බන්ධයෙන් ඇති විෂම ලක්ෂණ මැනවින් පිළිබිඹු කෙරේ.දෙවෙන්දොරා සං නොරිකොටත් පවුලේ අයටත් තම නවාතැනට ආරාධනා කර සිංහල ක්‍රමයට කුකුළු මස් කරියක් පිළියෙල කොට පිළිගන්වයි.එහෙත් දෙවෙන්දොරා සං කොතරම් ආශාවෙන් සහ උනන්දුවෙන් එය පිළියල කළත් නොරිකො සං හට එය රස විඳීමට නොහැකි වේ. "මා ඉතා ඕනෑකමින් කෑම පිසූ නමුත් ස්වල්පයක්වත් කෑවේ හිදජි පමණි.නොරිකො නම් යන්තම් කට ගෑවා විතරයි.

ඇතුගල්පුරය

Image
නුවර අහසටම  කවි පබැඳුන ද සුන්දරයි මට නම්  ඇතුගල අහස යට  නුවර පෙම් අහස සේ ඇතුගල පෙම් කතා බොහොම ය වැව් දියේ පිය නගන හැටි බලන් සිටිනා  බුදුරුව නොපිපුණත් රොබොරෝසියා මල් ඇට්ටේරියා  සුවඳයි ඇතුගල්පුරයම                     

මා හද

Image
 අවැසි කෙනෙකුට අවැසි මොහොතක ගිමන් හරිනට වූ ලෙසින් නොමැත ලඟ පින්තාලි මගෙ හද නොවෙයි අම්බලමක් ඉතින් අවැසි නම් ඔබ හට මිදෙන්නට මගේ ප්‍රේමේ උණුහුමින් රැඟුම් ඇති කටු යහනතේ පෑ බැහැලා පලයන් ඉක්මනින් චෝදනා හැම අභූතයි මට එල්ල කළ ඔබ මේ ලෙසින් බලෙන් නවතා තියාගන්නේ නොමැත කිසිවෙක් මා ලඟින් වැඩි සෙනේ දබරෙටයි කීවේ කහනවට නම් නොවෙ ඉතින් ඵලත් පිරි රුක මුලින් උදුරන් අරන් පලයන් මයෙ හදින්                                                                                                              

අහසක් නම් මම

Image
 පුරහඳට බෑ නේද අහසක්ම වසන්න   තරුකැකුළු තිබුණමයි ලස්සනම බලන්න මේඝයක් උනත් ඕනී ඔබමොබ සරන්න ඕනවට වඩා ඕනේ නෑ තරු උනත් පිපෙන්න අමාවක ආවමයි පපු කිනිති රිදෙන්න තරුවල වගෙම පුරහඳතෙත් වටිනකම් පේන්න පසළොස්වකක් නැති උනත් අමාවක දරන්න පෑරුණත් හිතට පුළුවනි තරුවකට පෙම් බඳින්න පොද වැස්සෙ ඇත්තේ නැති අමුතු ලස්සනක් දකින්න  මහ වැස්ස හැඩ උනේ විදුලි ගිගිරුම් මැදින්ද ඇදුම්කන පපුවටම චුට්ටක් විතර රිදෙන්න  කොනිත්තා අසාපන් හැඩ අසෙනි වරුසා නොවේද  විඳින  විඳවන  උඹ අපි හැමෝටම පේන්න අහස කියනවා බන් ලස්සන කතාවක් දැනෙන්න  අමාවක සේම පසළොස්වකත් ඕනෙමයි තියෙන්න බැරි උනත් හුරුවෙයන් ලැබෙන තාලෙට විඳින්න                                                                                            

පිච්ච මල

Image
කෙළෙසුන්ගෙන්  ආතුර වූ මිනිසුන් අතරෙහි අපි අනාතුරව ජීවත් වෙමු. අපි ආතුරයින් මැද අනාතුරව වෙසෙමු.             ජයසේන ජයකොඩි මහතාගේ  "පිච්ච මල" නම් නවකතාව පාඨක සිත පහන් කරවන කෘතියකි. එහි ප්‍රධාන චරිතය වන්නේ රාහුල තෙරණුවන් ය. රාහුල තෙරණුවන් ශිෂ්‍ය භික්ෂුවක් ලෙස, විහාරාධිපති සෝමාරාම හිමියන් සමඟ පූජාරාමයේ වැඩ විසූ අවධිය මෙම නවකතාවට වස්තු විෂය වී ඇත. තෙරණුවන්ගේ ශාන්ත පැවැත්ම, ජීවන දර්ශනය ගිහි අපගේ ජීවිතවලට ද උතුම් ආදර්ශයකි. රාහුල තෙරණුවන්ගේ සිල් සුවඳ ගම් දනව් සිසාරා පැතිර ගියේ පිච්ච මලක සුවඳ දසත විහිදෙන්නාක් මෙනි.          සරල, එහෙත් ප්‍රශස්ත ශෛලියකින් මෙන්ම බුදුදහම පිළිබඳ මනා අවබෝධයකින් යුතුව මෙම නවකතාව රචනා වී ඇත.        දුක්, කම්කටොළු අප දිවිය වෙලා ගත්ත ද ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයට අනුව නොසැලී සිටීමට මග පෙන්වන වටිනා නවකතා පොතකි "පිච්ච මල"

මළගිය ඇත්තෝ

Image
මව්රට හැරදා සකුරා දේශයට ගිය සිත්තරෙකු නොරිකොගේ හදවතේ ඉදි කළ ස්මාරකය පාමුල සකුරා මල් දෝතක් තබා සැඟව ගියේය. "... ජීවිතය, වියා හමාර කළ නොහැකි ව, එතැනින් මෙතැනින් එල්ලෙන පත් ඉරුවලින් හැඩි වූ මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමාන ය. මිනිසුන් මරණය පතන විගසින්, ඔවුන් වෙත මරණය නොපැමිණේ. ඔවුහු දීර්ඝ කාලයක් දුක් විඳිමින් ජීවත් වෙති." (මළගිය ඇත්තෝ නවකතාව - 07 වෙනි පිටුව)  මළගිය ඇත්තෝ එදිරිවීර සරච්චන්ද්‍ර