අහසක් නම් මම

 පුරහඳට බෑ නේද අහසක්ම වසන්න  

තරුකැකුළු තිබුණමයි ලස්සනම බලන්න

මේඝයක් උනත් ඕනී ඔබමොබ සරන්න

ඕනවට වඩා ඕනේ නෑ තරු උනත් පිපෙන්න



අමාවක ආවමයි පපු කිනිති රිදෙන්න

තරුවල වගෙම පුරහඳතෙත් වටිනකම් පේන්න

පසළොස්වකක් නැති උනත් අමාවක දරන්න

පෑරුණත් හිතට පුළුවනි තරුවකට පෙම් බඳින්න



පොද වැස්සෙ ඇත්තේ නැති අමුතු ලස්සනක් දකින්න 

මහ වැස්ස හැඩ උනේ විදුලි ගිගිරුම් මැදින්ද

ඇදුම්කන පපුවටම චුට්ටක් විතර රිදෙන්න 

කොනිත්තා අසාපන් හැඩ අසෙනි වරුසා නොවේද 



විඳින  විඳවන  උඹ අපි හැමෝටම පේන්න

අහස කියනවා බන් ලස්සන කතාවක් දැනෙන්න 

අමාවක සේම පසළොස්වකත් ඕනෙමයි තියෙන්න

බැරි උනත් හුරුවෙයන් ලැබෙන තාලෙට විඳින්න                                                                                            


Comments

Popular posts from this blog

"මළඟිය ඇත්තෝ නවකතාවෙහි අන්තර්ගත ප්‍රේම වෘතාන්තය සුවිශේෂීත්වයට පත් ව ඇත්තේ එහිලා නිරූපිත සංස්කෘතික ගැටුම නිසාවෙනි

කවිකාර සිත

මළගිය ඇත්තෝ