පිච්ච මල

කෙළෙසුන්ගෙන්  ආතුර වූ මිනිසුන් අතරෙහි අපි අනාතුරව ජීවත් වෙමු. අපි ආතුරයින් මැද අනාතුරව වෙසෙමු.

            ජයසේන ජයකොඩි මහතාගේ  "පිච්ච මල" නම් නවකතාව පාඨක සිත පහන් කරවන කෘතියකි. එහි ප්‍රධාන චරිතය වන්නේ රාහුල තෙරණුවන් ය. රාහුල තෙරණුවන් ශිෂ්‍ය භික්ෂුවක් ලෙස, විහාරාධිපති සෝමාරාම හිමියන් සමඟ පූජාරාමයේ වැඩ විසූ අවධිය මෙම නවකතාවට වස්තු විෂය වී ඇත. තෙරණුවන්ගේ ශාන්ත පැවැත්ම, ජීවන දර්ශනය ගිහි අපගේ ජීවිතවලට ද උතුම් ආදර්ශයකි. රාහුල තෙරණුවන්ගේ සිල් සුවඳ ගම් දනව් සිසාරා පැතිර ගියේ පිච්ච මලක සුවඳ දසත විහිදෙන්නාක් මෙනි. 

        සරල, එහෙත් ප්‍රශස්ත ශෛලියකින් මෙන්ම බුදුදහම පිළිබඳ මනා අවබෝධයකින් යුතුව මෙම නවකතාව රචනා වී ඇත.

       දුක්, කම්කටොළු අප දිවිය වෙලා ගත්ත ද ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයට අනුව නොසැලී සිටීමට මග පෙන්වන වටිනා නවකතා පොතකි "පිච්ච මල"



Comments

Popular posts from this blog

"මළඟිය ඇත්තෝ නවකතාවෙහි අන්තර්ගත ප්‍රේම වෘතාන්තය සුවිශේෂීත්වයට පත් ව ඇත්තේ එහිලා නිරූපිත සංස්කෘතික ගැටුම නිසාවෙනි

කවිකාර සිත

මළගිය ඇත්තෝ