මා හද

 අවැසි කෙනෙකුට අවැසි මොහොතක ගිමන් හරිනට වූ ලෙසින්


නොමැත ලඟ පින්තාලි මගෙ හද නොවෙයි අම්බලමක් ඉතින්


අවැසි නම් ඔබ හට මිදෙන්නට මගේ ප්‍රේමේ උණුහුමින්


රැඟුම් ඇති කටු යහනතේ පෑ බැහැලා පලයන් ඉක්මනින්



චෝදනා හැම අභූතයි මට එල්ල කළ ඔබ මේ ලෙසින්


බලෙන් නවතා තියාගන්නේ නොමැත කිසිවෙක් මා ලඟින්


වැඩි සෙනේ දබරෙටයි කීවේ කහනවට නම් නොවෙ ඉතින්


ඵලත් පිරි රුක මුලින් උදුරන් අරන් පලයන් මයෙ හදින්                                                                                                              


Comments

Post a Comment

Popular posts from this blog

"මළඟිය ඇත්තෝ නවකතාවෙහි අන්තර්ගත ප්‍රේම වෘතාන්තය සුවිශේෂීත්වයට පත් ව ඇත්තේ එහිලා නිරූපිත සංස්කෘතික ගැටුම නිසාවෙනි

කවිකාර සිත

මළගිය ඇත්තෝ